ඇඳිරි නීති බලපත්‍රයෙන් සිමෙන්ති ගෙනගිය දෙදෙනෙක්..

ඇඳිරි නීති බලපත්‍රය අනිසි ලෙස භාවිතා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 02-04-2020 | 4:57 PM

COLOMBO (  News 1st ) - අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් සිමෙන්ති ප්‍රවාහනය කළ දෙදෙනෙක් උහන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ලේ සිට අම්පාර දෙසට ධාවනය වූ ලොරියකි. පොලීසිය සඳහන් කළේ, සහල් ප්‍රවාහනය සඳහා ලබාගත් බලපත්‍රයක් යොදාගනිමින් මොවුන් සිමෙන්ති ප්‍රවාහනය කර ඇති බවයි. උහන පොලිස් මාර්ග බාධකයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා අම්පාර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.