අද පස්වරුවේ සිට අප්‍රේල් 6 දක්වා යළිත් ඇඳිරි නීතිය

UPDATE: උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය

by Staff writer 01-04-2020 | 9:38 AM
COLOMBO (News 1st) : අද ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. එම දිස්ත්‍රික්කවල අද උදෑසන 6 ට ඉවත් කෙරුණු ඇදිරිනීතිය පස්වරු 2 ට යළි පැනවීමට නියමිතයි. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇදිරිනීතිය බලාත්මක වේ. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම් වේ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාමට යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසේ සිට මිලදී ගතහැකි පරිදි ආරම්භ කර ඇති සේවාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති. ගොවිතැන්, කුඩා තේ වතු සහ අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට තවදුරටත් ඒ සඳහා අවස්ථාව හිමිවේ. කොරොනා ව්‍යාප්තිය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින්නැයි ජනාධිපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. කළුතර, අටලුගම සහ මහනුවර අකුරණ හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීම තවදුරටත් බලාත්මකයි.