මරදාන නිවාස සංකීර්ණයක පිරිසක් ස්වයං නිරෝධායනයට

මරදාන නිවාස සංකීර්ණයක පිරිසක් ස්වයං නිරෝධායනයට

by Staff writer 01-04-2020 | 10:42 PM

COLOMBO (News 1st): මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස මීට පැය කිහිපයකට පෙර දැනුම් දී තිබේ.

ඒ, එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී පවුලේ කිහිපදෙනෙකුට රෝග ලක්ෂණ මතුවීම හේතුවෙනි. එම නිවාස සංකීර්ණයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය අසාදනය වීම හේතුවෙන් මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ දියණියගේ සැමියා විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකි. ඒ අනුව එම පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා ද අද ගිලන් රථවලින් රැගෙන ගියේය. මේ අතර නාත්තන්ඩිය ප්‍රදේශයෙන් සොයාගත් කොරෝනා ආසාදිත පස් දෙනා සමග එක්ව කටයුතු කළ බව පැවසෙන කුරුණෑගල, කැකුණගොල්ලේ පදිංචි කාන්තාවක ද ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඇයට වෛරසය ආසාදිතව ඇති බවට අද තහවුරු වී තිබේ.