by Staff writer 31-03-2020 | 10:30 AM
COLOMBO (News 1st) : කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවයි.
තවත් සැක සහිත රෝගීන්ගේ සාම්පල 60ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි.
දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100කි.
ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ 12 දෙනෙක් සේවයේ නිරතව සිටිති.
එහිදී ගනු ලබන වාර්තා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදුකර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දෙන බව අධ්යක්ෂවරයා සඳහන් කළේ ය.