කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 8 පනී මරණ 39000 ට ආසන්න වේ

කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 8 පනී මරණ 39000 ට ආසන්න වේ

by Staff writer 31-03-2020 | 5:16 PM
ලොව පුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා නොහොත් කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8 දක්වා ඉහළ ගොස් තිබේ. අද මෙරට වේලාවින් පස්වරු 5 වන විට එම සංඛ්‍යාව 801,061 ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව 38,749 ක් වේ. රටවල් 200 ක ව්‍යාප්තව ඇති මෙම වසංගත ත්ත්වයෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙරට වේලාවින් පස්වරු 5 වන විට එරට ආසාදිතයන් සංඛ්‍යාව 164,359 ක් වන අතර, මරණ 3173 ක් වාර්තාවේ. අද දිනය තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් 515 ක් වාර්තාවන අතර, මරණ 17ක් වාර්තා වී ඇත. ආසාදිතයන් සංඛ්‍යාව සලකා බැලීමේ දී දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ 101,739 ලෙස ඉතාලියෙන් වන අතර, ලොව වැඩිම ආසාදිතයන් මරණයට පත්ව ඇත්තේ ද ඉතාලියේයි. එම සංඛ්‍යාව මේවනවිට 11591 කි. ඉන් පසුව වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ 94417 ක් ලෙස ස්පාඥ්ඥයෙනි. එහි මරණ 8189 ක් වාර්තාවේ.