by Staff writer 31-03-2020 | 1:29 PM
COLOMBO (News 1st): කොරෝනා බවට සැක සහිත ළමුන් 29 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 122ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතුරින් 16 දෙනෙකු සුවය ලබා පිටවගොස් තිබේ.
මෙරටින් මේ වනවිට කොරෝනා මරණ 2 ක් වාර්තා වී තිබේ.
කොරෝනා ආසාදනයෙන් මියගිය දෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ සිදු කෙරිණි.
ඒ, මීගමුව මහනගර සභා පොදු සුසාන භූමියේදීය.
නිරෝධායන රෙගුලාසිවලට අනූව කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත කළයුතු වේ.
ඊයේ පස්වරුවේ එලෙස මියගියේ කොච්චිකඩේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.
පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා මීගමුව රෝහලට මාරු කර එවීමෙන් පසු මිය ගියේය.
හෘදයාබාධයකින් පෙළුණු ඔහු, දිගු කාලීන ශ්වසන ආබාධයකින් ද පෙළුණු අයෙකි.
එම මරණය වාර්තා වීමත් සමග මීගමුව මහ රෝහලේ වාට්ටුවක් වසා දමා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 20 කට අධික පිරිසක් නිරෝධායනයට යොමු කර ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය සඳහන් කළාය..
කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමග ඊයේ පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ද වාට්ටුක් ද වසා දමා, එහි සේවකයින් නිරෝධායනයට යොමු කෙරිණි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ද සේවකයින් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇතැයි ද එහි අධ්යක්ෂ රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.