බැංකු කටයුතු ගැන පොලීසියෙන් දැනුම් දීමක්

අවදානම් කලාපයේ බැංකු කටයුතු ගැන පොලීසියෙන් දැනුම් දීමක්

by Staff writer 26-03-2020 | 8:47 AM

COLOMBO (News 1st) - ඉතා අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පක් කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල බැංකු ශාඛා විවෘත වුව ද සමාන්‍ය පරිදි ගනුදෙනු පවත්වා ගැනීමට අවස්ථාව දී නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම බැංකු ශාඛා මගින් අභ්‍යන්තර සහ වාණිජ කටයුතු පමණක් සිදු කෙරෙන බවය. පොදු ජනතාව සමග කිසිදු ගනුදෙනුවක් එම ප්‍රදේශවල බැංකු ශාඛා මගින් සිදු නොවනු ඇති. මේ අතර පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කර ඇති සෙසු ප්‍රදේශවල බැංකු ශාඛා මගින් අද දහවල් 12 වන තුරු ගනුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. පුත්තලම සහ උතුරු පළාතේ හෙට පෙරවරු 6 ට පොලිස් ඇඳිරි නීතිය ඉවත් වන අතර එම ප්‍රදේශවල ජනතාවට ද දහවල් 12 වන තුරු සිය බැංකු කටයුතු සිදුකර ගත හැකි වේ.