by Staff writer 22-03-2020 | 5:08 PM
COLOMBO (News 1st): මේ දිනවල පවතින තත්ත්වය හමුවේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව පවත්වා ගත යුතු බැවින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ සඳහා සියලු දුරකතන සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්, පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකතන සමාගම්වලටත් , කේබල් ටී.වී. සේවා සපයන්නන්ටත් උපදෙස් ලබාදී තිබේ.