by Hashini De Mel 22-03-2020 | 2:21 PM
COLOMBO (News 1st) - උද්ගතව ඇති තත්ත්වය හමුවේ අවම කාර්ය මණ්ඩලයක් යටතේ රෝහල්වල කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසන්නීය.
ඇය මහජනතාවට දැනුම් දෙන්නේ රෝහල් වෙත පැමිණෙන්නේ නම් අත්‍යවශ්‍ය කාර්යක් සඳහා පමණක් පැමිණෙන ලෙසය.
පොලිස් ඇඳිරි නීතිය අවසන්වීමෙන් පසු රෝහල් වෙත පැමිණෙන රෝගීන්ට තමන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට අවස්ථා ඇති කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ඇය ඒ බව සඳහන් කළේ, අද උදෑසන නිව්ස්ෆස්ට් විකාශය කළ COVID-19 විශේෂ වැඩසටහනට දුරකතනය ඔස්සේ අදහස් දක්වමිනි.