පොළොන්නරුව රෝහලේ ගිලන් රථ අනතුරින් රියැදුරු මරුට

පොළොන්නරුව රෝහලේ ගිලන් රථ අනතුරින් රියැදුරු මරුට

by Staff writer 21-03-2020 | 4:46 PM
COLOMBO (News 1st) : පොළොන්නරුව මූලික රෝහලට අයත් ගිලන් රථයක් ගොකරැල්ල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන අසල බැම්මක ගැටීමෙන් ගිලන්රථයේ රියැදුරු මියගොස් තිබේ. අනතුරින් ගිලන් රථයේ සහකයා ද තුවාල ලබා ඇති අතර ඔහු ඇතුළත් කෙරුණේ, පොල්ගොල්ල මූලික රෝහලටයි. අදාල ගිලන් රථය පොළොන්නරුව මුලික රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට පැළදීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ අත්‍යවශය බෙහෙත් තොගයක් කොළඹ සිට රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. සිද්ධියෙන් මියගිය රියැදුරු දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.