ඇති වූ දැඩි තදබදය

පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශය කිරීමත් සමගින් ඇති වූ දැඩි තදබදය

by Staff writer 20-03-2020 | 10:08 PM
COLOMBO (News 1st): කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ, මධ්‍යම බස් නැවතුම්පොළේ සහ කොළඹ ප්‍රධාන පුද්ගලික බස් නැවතුම්පොළේ අද දහවල් දැඩි මගී තදබදයක් අද දක්නට ලැබුණි. අද පස්වරුවේ සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්, තම ගම්බිම් කරා ගමන් කිරීම සඳහා පැමිණි විශාල පිරිසක් හේතුවෙන්, මෙලෙස තදබදයක් ඇති විය. මෙම තත්ත්වය පිළිබද සොයා බැලීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද කොළඹ කොටුව පුද්ගලික බස් නැවතුම්පොළ පරිශ්‍රයට පැමිණියේය.
ඇදිරිනීතිය දාපු එකේ රජයේ අරමුණ මිනිස්සුන්ව ගෙවල්වල තියන එක. ඉතිං ඇයි ෂෙඩ් ගානේ ඉන්නේ. ගෙවල් වල යන්න හදන්නේ. අඳිරි නීතිය දැමීමේ අරමුණ සංචාරය කිරීම නොවෙයි නිවෙස් වල සිටින එක.
ඇදිරි නීතිය ප්‍රකාශ කිරීමත් සමග කොළඹ මෙන්ම දිවයින්නේ සෙසු ප්‍රදේශ වලද ජනතාව, නගර කරා පැමිණි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය. නිවෙස් වලට අවශ්‍ය බඩු බාහිරාදිය මිළ දී ගැනීමට මෙසේ පැමිණි පිරිස් හේතුවෙන්, දැඩි තදබදයක් ඇති විය.