කොරෝනා ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 20-03-2020 | 9:53 PM

COLOMBO (News 1st): මෙරටින් වාර්තාවන කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළාය.

ඇය සඳහන් කළේ, කොරෝනා අසාධිතයින්ගෙන් සියයට 72%ක්ම පිරිමි පුද්ගලයින් වන බව ය. දිස්ත්‍රික් රෝහල් 24 ක් කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇතැයි අමාත්‍යවරිය පැවසුවාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල් ගතවීමේදී සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරිමෙන් වළකින ලෙසය. ‍ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 17 ක 2731 දෙනෙකු නිරෝධායනට යොමුකර ඇති බව ය. මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ දායකත්වයක් ලබා දෙන්නේය . ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය පැය 24 පුරා අඛණ්ඩව ඉදිකිරීම සිදුකරන මෙම ගොඩනැගිල්ල නිරීක්ෂණ කිරීමට ගුවන් හමුදාපතිවරයා ද පැමිණ සිටියේය. කාමර 16කින් සමන්විත මෙම ගොඩනැගිල්ල දින 10ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිත ය.