by Staff writer 20-03-2020 | 1:24 PM
COLOMBO (News 1st) : අද සවස 6.00න් පසු අධිවේගී මාර්ග නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමන බව මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේය.
සවස 6.00න් පසු අධිවේගී මාර්ගවල ගිලන් රථ,අත්‍යාවශ්‍ය සේවා හා ඇඳිරි නීති බලපත්‍ර හිමියන්ට ගාස්තු රහිතව භාවිත කිරීමට හැකියාව පවතින බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.