පිවිසෙන්න www.coronavirus.lk වෙත..

කොරෝනා ගැන තොරතුරු දැනගන්න News 1st වෙතින් නව වෙබ් අඩවියක්

by Staff writer 14-03-2020 | 11:55 AM

COLOMBO ( News 1st ) - කොරෝනා වෛරසය සම්බන්ධ සියලු තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා News 1st නව වෙබ් අඩවියක් සකස් කර තිබේ.

www.coronavirus.lk යනු එහි ලිපිනයයි. ශ්‍රී ලංකාවට අදාළ වන කොරෝනා සම්බන්ධ පුවත්, තොරතුරු, අලුත් සංඛ්‍යා ලේඛන මෙම වෙබ් අඩවියේ ඇතුළත් වේ. ලොව පුරා කෙරෝනා ව්‍යාප්තිය පිළිබඳව විවිධ තොරතුරු ගෙන එමින් ජාත්‍යන්තර වෙබ් අඩවි රැසක් ක්‍රියාත්මක වේ. ඒ අනුව යමින් ශ්‍රී ලාංකිකයින්ට නිවැරදි තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම නව වෙබ් අඩවිය සකස් කිරීමට News 1st තීරණය කළේ ය.   https://youtu.be/3o95ywk426s