by Staff writer 07-03-2020 | 9:26 AM
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74796 ක් වන බවයි.
කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ.
ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.
වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175 ක පුද්ගලයින් 215525 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, ඉදිරි දින කිහිපයේත් පවතින උෂ්ණාධික කාලගුණය අපේක්ෂා කරන බවයි.