ශ්‍රී ලංකා - චීන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනය වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි.

by Staff writer 06-03-2020 | 6:59 PM
COLOMBO News 1st:  චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇති බව එම සමාගම පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම මස 10 වැනි දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ දී මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්  ‌‌ය. "කෝවිඩ් 19" ව්‍යාප්ත වීමත් සමග ලොව බොහෝ ගුවන් ගමන් චීනය වෙත ගුවන් ගමන් සීමා කළ ද ශ්‍රී ලංකන් ගුවන් සේවය අඛණ්ඩව චීනය හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සිදුකළ බවත්, පවතින තත්ත්වය අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවත්  එම සමාගම පවසයි. කෙසේ වෙතත්, පවත්නා තත්ත්වය යහපත් අතට පත් වුවහොත් අප්‍රේල් 30 වැනි දිනට පෙර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් ය. ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බේජිං, ශැන්හායි හා ග්වාන්සූ වෙත තම ගුවන් ගමන් වල නිරත වෙයි.