මත්ද්‍රව්‍ය සැකකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

by Staff writer 06-03-2020 | 3:37 PM

COLOMBO (News 1st) - දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 28 දෙනා ලබන 11 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය අද අවසර ලබා දුන්නේය.

ඒ, ඔවුන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතරට ඉරාන සහ පකිස්ථාන ජාතිකයින් ද අයත් වෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය , දකුණු මුහුදු සීමාවේදී සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේය. අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000 කි.