by Staff writer 05-03-2020 | 5:02 PM
COLOMBO (News 1st) : මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘති කාර්යාලයේ ,ව්‍යාපෘති කළමනාකරුවෙකු අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, එහි ආපන ශාලාවේ ටෙන්ඩරය ලබාදීමට සහ එම ආපන ශාලාව පවත්වාගෙන යාමට පහසුකම් සපයන බවට ආපනා ශාලා හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස ලබාගෙන ඇති බවයි.
සිය නිල නිවසේදී ආහාර ද්‍රව්‍ය කිහිපයක් සහ මත්ද්‍රව්‍ය බෝතලයක් ලබාගන්නා අවස්ථාවේදී ඔහු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.