by Staff writer 05-03-2020 | 4:14 PM
COLOMBO (News 1st) : මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලට හෙට සහ අනින්දා පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට හෙට පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.