රුපියල් කෝටි 10ක මත්ද්‍රව්‍ය සමග‍ පුද්ගලයෙකු කොටු

රුපියල් කෝටි 10ක හෙරොයින් සහ කේරල ගංජා සමග පුද්ගලයෙකු STF දැලේ

by Staff writer 02-03-2020 | 2:46 PM

COLOMBO ( News 1st ) -  හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් හා කේරල ගංජා කිලෝග්‍රෑම් 7 ක් සමග කැලණිය වනවාසලදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අද උදෑසන වැටලීම සිදුකළ බව ය. ඒවායේ වටිනකම රුපියල් කෝටි 10 කට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.