රුපියල් කෝටි 5 ක කේරල ගංජා තොගයක් කිලිනොච්චියේදී

රුපියල් කෝටි 5 කට ආසන්න කේරල ගංජා තොගයක් කිලිනොච්චියේදී

by Staff writer 29-02-2020 | 2:14 PM

COLOMBO ( News 1st ) - කිලිනොච්චි, ජයපුරම්, වලේපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 5 කට ආසන්න වේ.

කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙම මෙහෙයුමකදී ටිපර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරල ගංජා කිලෝග්‍රෑම් 320 ක් සමග සැකකරුවෙකු යුද හමුදාව අත්අඩංගුවට ගත්තේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,වව්නියාව , බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරුවෙකි. ගංජා තොගය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජයපුරම් පොලීසියට භාරදුන් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ ය.