COLOMBO ( News 1st ) -මේ වන විට අපේ රටේ විවිධ ප්‍රශ්න , ගැටලු සහ අභියෝග රැසක් තිබෙන නමුත් ඒ වෙනුවෙන් අපි හැමෝටම කළ හැකි දෙයක් තිබේ.
ෆොක්ස් හිල් පරිසර පද්ධතියෙදී අද එය යළිත් තහවුරු විය.
මෙරට මනරම් සංවේදී පරිසර පද්ධතියක් වන දියතලාව ෆොක්ස්හිල් පරිසර කලාපය ජාතික හා ජාත්‍යන්තරව වැදගත් වන්නෙ ශ්‍රී ලංකාවට අවේණික අතිදුර්ලභ ශාක හා පක්ෂී විශේෂ රසකගෙන් සමන්විතවීම නිසයි .
මෙලෙස එක පෙළට ෆොක්ස් හිල් කඳු පන්තිය දෙසට ගමන් කරන්නේ ජාතික වගකීමක අවශ්‍යතාව මනාව හඳුනාගත් මෙරට විශාලතම ස්වෙච්ඡා බලකායයි .
ෆොක්ස්හිල් පරිසර පද්ධතියේ පැළ 2000 ක් රෝපණය කිරීමේ ගම්මැද්ද වී ෆෝස් ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක කෙරුණේ, දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ එම්. ඒ. එස්. ආයතනයේ පූර්ණ සහයෝගය ද ඇතිවයි .
මේ පිළිබදව අදහස් දක්වමින් දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුලේ මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
"වටිනා මෙන්ම ප්‍රායෝගික මෙවන් රුක් රෝපන වැඩසටහනක් ,ක්‍රියාත්මක කිරීම තුලින් ඉතිරිව ඇති ජල පෝශක ප්‍රදේශ මෙන්ම වන සම්පත රැක ගැනිම සදහා පිරිසිදු ලොවක් උරුම කිරිමෙ පරම අභිප්‍රාය පෙර දැරිව ,සිරිස වී ෆොස් සහ මධ්‍යම ආරක්ෂ මූලස්ථානය එක්ව සියතලාව ෆොක්ස් හීල් ප්‍රදේශයේ පැල රෝපනයකිරීම මෙම මහගු කාරණයට සිරස ආයතනයට යුද හමුදාව වෙනුවෙන් වගේ ස්තූතිය පළ කරමි"
සීමා සහිත කැපිටල් මහා රාජා සංවිධානයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා පැවසුවේ, ස්වභාව ධර්මය යනු අප සැමගේ මූලාරම්භය බවයි.
"අපි මේ පැළ හිටවන කොට මේ පැළේ ,ගහක් බවට පත් වෙන්නේ ඒ පැළේ, තියෙන මුල් නිසා .හැබැයි ඒ මුල පේන්නේ නෑ අපි කාටවත්.පොළව යට තියෙන්නේ . අපේ ජීවිතත් එහෙමයි .මුල අමතක වුණ කාටවත් ශක්තිමත් ගහක් බවට පත් වෙන්න බෑ.ඒ වගේම තමයි අපේ ජිවිතේ ස්භාව ධර්මය කියන්නේ ,ස්වභාව ධර්මය කියන්නේ අපි හැම දෙනාගේම මූලාරම්භය"
බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ සිසුවියෝ ද මහත් උද්යෝගයෙ මෙම වැඩසටහන සඳහා එක් වූහ.
https://www.facebook.com/vforceSL/videos/2907028332652430/