COLOMBO (News 1st) : MCC ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පළිබඳව පවතින්නේ දැඩි සමාජ අවධානයකි.
එවන් පසුබිමක අදාළ ගිවිසුම් කොන්දේසි වෙනස්කළ යුතු බවට, ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව රජයට නිර්දේශ කළේ ය.
මේ අනුර කුමාර දිසානායක මහතා MCC ගිවිසුමේ හෙළි නොවුණු පැතිකඩක් පළ කළ අදහස් කිහිපයක් පහතින්.
''කමිටුවෙන් අතුරු වාර්තාවක් ආවා.වාර්තාව අනුව කැබිනට් පත්‍රිකාවක් දැම්මා.ඒ කැබිනට් පත්‍රිකාවේ මොකක්ද කියන්නේ ,මේක ලොකු ආධාරයක් ඩොලර් මිලියන 480ක් ලැබෙනවා,පොළිය ගෙවන්නත් ඕනේ නෑ.ණය ගෙවන්නත් ඕනේ නෑ.අපි ආර්ථික අර්බුධයක ඉන්නේ.සල්ලි ටික නම් ටොප්.හැබැයි පොඩි පොඩි අප්සට් ටිකක් තියනවා ගිවිසුමේ.ඒ පොඩි පොඩි අප්සට් ටික සංශෝධනය කරන්න ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරනවලු.ඡන්දෙට මොකක්ද කිව්වේ?සාකච්ඡා කතා කිව්වද?ඉරනවා පුලුස්සනවා කිව්වා.එම් සී සී ගිවිසුම අත්හිටුවීම ආණ්ඩුව නතර කරයි.අපිට එස් එම් එස් ආවේ බොරු.නතර කරලා නෑ මොකක්ද කියලා තියෙන්නේ?ඒකෙ ඇතැම් වගන්ති තියනවා. 2017 ජූලි මාසේ 26 වෙනිදත් 2018 ජූනි මාසේ 18 වෙනිදත් අතිරේක ගිවිසුම් 2ක් අත්සන් කරලා තියනවා.දැන් ආණ්ඩුව කියන්න ඕනේ ඒ ගිවිසුම් 2 අයින් කරනවා කියලා.නැත්තන් රනිල් කියන්න ඕනේ එහෙම ගිවිසුමක් අත්සන් කරේ නෑ කියලා.ගිවිසුම් අත්සන් කරලා තියනවා විතරක් නෙමෙයි.ඒ සඳහා ඩොලර් කෝටියක් අරගෙනත් තියනවා .දැන් ගිවිසුමට ඩොලර් කෝටියක් අරගෙනත් ඉවරයි.තව අතිරේක ගිවිසුම් 2ක් අත්සන් කරලත් ඉවරයි.දැන් ආණ්ඩුව කියන්න ඕනෙ මොකක්ද?රනිල් වික්‍රමසිංහ කියන්න ඕනේ රටක,මෙතෙක් රටට කිව්වේ නෑ.එම් සී සී ගිවිසුමට අදාළ ගිවිසුම් 2ක් අත්සන් කරාද නැද්ද?ඒවගේම රනිල් වික්‍රමසිංහ කියන්න ඕනේ ඒ ගිවිසුම ඉදිරියට ගෙනියන්න සඳහා ඩොලර් කෝටියක් ගත්තද නැද්ද?ඒවගේම වර්තමාන ආණ්ඩුව කියන්න ඕනේ ඒ ගිවිසුම් 2ට මොකද කියන්නේ?ගත්තු ඩොලර් කෝටියට මොකද කරන්නේ?ඒවා රටට කියන්න ඕනේ.එහෙම නැතුම කුඩා කුඩා සංශෝධන දාලා එම් සී සී ගිවිසුමේ තියන විෂ මකනවා කියලා කියනවා නම් ඒක බොරුවක්''
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේ, මේ මොහොතේ රටට සුදුසුම දේ එම්.සී.සී. ගිවිසුම ඉවත් කිරීම බවයි.
"පට්ටපල් බොරුවක් සතයක් අරන් නෑ එම්.සී.සී. ගිවිසුම අත්සන් කරලා නෑ. නමුත් වත්මන් ආණ්ඩුව වරමක් ගත්තා එම්.සී.සී. ගිවිසුම අයින් කරනවා කියලා. ඒ නිසා අපි එකට ගරු කරනවා කමිටුව නැවක කියනවා මේක ජනතාවගෙන් අහාන්න කියලා. ජනතාවගෙන් ඉල්ලන්න දෙයක් නෑ ජනතාව කියලා තියෙනවා මේක ප්‍රතික්ශේප කරනවා කියලා ඒ නිසා එම්.සී.සී. ගිවිසුම අයින් කරන එක තමයි මේ වෙලාවේ මේ රටට සුදුසුම දේ"
https://www.facebook.com/NewsfirstSL/videos/788618401624584/