පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමේ

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමේ

by Staff writer 25-02-2020 | 6:50 AM

COLOMBO (News 1st) - පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල ගණන් පහත දමන බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ රජයේ බදු සහන ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. ඒ අනුව, අද පස්වරුවේ සංගමයේ විශේෂ හමුවෙන් පසු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල සංශෝධිත මිල ගණන් තීරණය කරන බව ද ඔහු සඳහන් කළේ ය.