වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට පීඩා

වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට පීඩා

by Staff writer 22-02-2020 | 8:50 PM

COLOMBO (News 1st ) - සරුසාර පොළොන්නරුව, පුලස්තිපුර මේවන විට අව්වෙන් වියැළී ගොස් තිබෙන්නේ ගොවි ජනතාව අසරණ කරමිනි.

මාස ගණනාවකින් වැසි දිය නොලද ඔවුන්ට බීමට ජලය සොයා ගැනීමට සැතපුම් ගණන් දුර ඇවිද යාමට සිඳුවෙයි. ගම්වාසීන් පවසන්නේ ජල හිඟය නිසා කන්න කිහිපයකම වගා කටයුතු කිරීමට නොහැකි වූ බවයි. වෙල්ලම්කාඩුව, ගල්කැටිදමන, බෙදුම්ඇල ඇතුළු ගම්මානවල ජනතාව ද දැඩි පීඩනයකට පත්ව සිටින අතර, කුඹුරු අක්කර 150 ක් පමණ විනාශ වෙමින් පවතී. තමන් මුහුණ පාන ගැටළු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන මේ ජනතාව තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. වියළි කාලගුණයෙන් පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.