රුපියල් ලක්ෂ 60 ක හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට

by Staff writer 22-02-2020 | 11:33 PM

COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් 4ක් සහ සැකකාරියන් දෙදෙනෙකු පිළියන්දල, දැල්තර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙහි ප්‍රධාන සැකකාරිය පදිංචි කුළී නිවසේදී අනෙකුත් සැකකරුවන් සමග හෙරොයින් අසුරමින් සිටියදී  ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලිසිය සඳහන් කරන්නේ අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් වන බවය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 , 28 , 36 හා 52 වයස්වල පසුවේ. සැකකාරියන් දෙදෙනා අවුරුදු 27 සහ 47 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් හෙට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ ව පිළියන්දල පොලීසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලැබේ.