ගිනි අවි ළඟ තබාගත් වනජීවි නිලධාරියෙකු දැලේ

නීති විරෝධි ලෙස ගිනි අවි ළඟ තබාගත් වනජීවි නිලධාරියෙකු දැලේ

by Staff writer 16-02-2020 | 10:04 AM

COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස ටී 56 ගිනි අවියක් හා රිපීටර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි වනජීවි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වනජීවි නිලධාරීන් කළ වැටලීමකදීය. සැකකරු බුන්දල වනෝද්‍යානයට අනියුක්තව සේවය කළ දෙබරවැව, සඳුන්ගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.