මහින්ද - මෛත්‍රී හමුවක් අනිද්දා

නව සන්ධානය ගැන සාකච්ඡා කිරීමට මහින්ද - මෛත්‍රී හමුවක් අනිද්දා

by Staff writer 16-02-2020 | 7:16 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණය සඳහා තරග වදින නව සන්ධානය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අනිද්දා (18 වැනි දා) පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, එම සාකච්ඡාවේදී දැනට පවතින අන්‍යෝන්‍ය දුරවබෝධයන් දුරු කර නව සන්ධානය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරන බවයි. මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයාට සහය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව පවත්වන විනය පරීක්ෂණ මේ මස අවසන්වීමට පෙර නිම කරන බව ද ඔහු සඳහන් කළේ ය.