by Staff writer 08-02-2020 | 9:44 AM
COLOMBO ( News 1st ) - කොරෝනා වෛරසය ආසාදනය විමෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 722ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ චීනයේ හුබෙයි පළාතෙන් තවත් පුද්ගලයින් 81 දෙනකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව ය.
එම පළාත ආශ්‍රිතව තවත් රෝගීන් 2,841 ක් වාර්තා වී ඇති ඇති අතර මේ වනවිට එම පළාතෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 24,953 කි.
ඒ අනුව චීනයෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,546 ක් බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට රටවල් 25 කින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වන බවයි.