වරෙන්තු ලැබූ කපිල රට පැන්නා ද?

වරෙන්තු ලැබූ කපිල රට පැන්නා ද?

by Staff writer 05-02-2020 | 7:50 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිද වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ නිවස වෙත ගොස් ඇතැත් ඔවුන් එහි නොසිටි බව පොලීසිය පවසයි.

මේ අතර ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, තමන්ට වාර්තාවන ආකාරයට ඔවුන් ලංකාවෙන් පිටව ගොස් ඇති බවයි. කොළඹ 7 බාන්ස් පෙදෙසේ පිහිටි කපිල චන්ද්‍රසේන මහතාට අයත් බව කියන නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ ගොස් තිබේ. ඒ, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක මහතා පෙරේදා නිකුත් කළ වරෙන්තුට අනුවයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කළැයි කපිල චන්ද්‍රසේන මහතාට සහ බිරිදට චෝදනා එල්ල වේ.