by Staff writer 05-02-2020 | 5:12 PM
COLOMBO ( News 1st ) - කැලණි ගඟේ වැලි නිධිවල තත්ත්වය පිළිබඳ වහාම සමීක්ෂණයක් කිරීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබේ.
ඒ, කැලණි ගඟේ වැලි ගොඩදැමීමේ බලපත්‍ර අත්හිටුවීමත් සමග වැලි නිධි ගොඩගැසීම නිසා අධික වර්ෂාව හේතුවෙන් ගඟ ඉතා ඉක්මනින් පිටාර ගැලීමේ අවදානම පිළිබඳ ජනාධිපතිතුමා කළ කරුණු දැක්වීම හේතුවෙන් ය.
ඒ අනුව අදාළ වැලි නිධිවල තත්ත්වය සොයා බලා ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව හඳුනාගත් ස්ථානවල යළිත් කැලණි ගඟේ වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ ය.