චීන ජාතිකයින් වැඩබිම්වලට සීමා කරන්නැයි උපදෙස්

JUST IN : චීන ජාතිකයින් වැඩබිම් සහ නේවාසිකාගාරවලට පමණක් සීමා කරන්නැයි උපදෙස්

by Staff writer 31-01-2020 | 10:14 PM
COLOMBO (News 1st) : නේවාසික වීසා නිකුත් කර ඇති වැඩබිම්වල සිටින චීන ජාතිකයින්ට උපදෙස් සහිත ලිපියක් යොමු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා සඳහන් කළේ, මෙරට රැඳී සිටින චීන ජාතිකයින් හා මෑතකදී එරට සංචාරය කළ සේවකයින් වැඩබිම්වලට හා නවාතැන්වලට පමණක් සීමා කරන ලෙස දැනුම් දී ඇති බවයි. සියලු උපදෙස් හෙට දිනයේදී අදාළ චීන සමාගම් වෙත යොමු කරන බවත් , සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරගැනීම මෙහි අරමුණ බවත් ඔහු සඳහන් කළේ ය.