by Staff writer 31-01-2020 | 6:10 PM
COLOMBO (News 1st) : පසුගිය අප්‍රේල් 21 වන දා කොළඹ ෂ්රැන්ග්රිලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරුගේ පියා ඇතුළු ඔහුගේ පවුලේ ඥාතින් 06 දෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
ඒ ඔහුගේ පියා ඇතුළු ඥාතින් 06 දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයසුන්දර මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම සහ එදිනම දෙමටගොඩ බේස්ලයින් පාරේ මහවිල උද්‍යානයේ නිවසක සිදුවු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වී ය.
සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ එම පරීක්ෂණවලට අදාළවයි.
දෙමටගොඩ නිවස, කෝටිපති ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තාට අයත් එකකි.
මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු එම කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බව පසුව හෙළි විය.
මාස 08 කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත ඔවුන් රඳවා ගෙන පරීක්ෂණ සිදුකළ ත්‍රස්ත විමර්ශන ඒකකය,, එම පිරිස අධිකරණයට ඉදිරිපත් කළේ ය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ ඔවුන් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.