by Staff writer 31-01-2020 | 3:29 PM
COLOMBO (News 1st) : 72 වන නිදහස් දින සමරු උළෙලේ පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ පාසල් 15 කට පෙබරවාරි 3 වන සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පුහුණු කටයුතු හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සඳහා නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටා ඇති පහත සඳහන් පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගත් බවයි.
*ඩී. එස්. සේනානායක විද්‍යාලය
*රාජකීය විද්‍යාලය
*තර්ස්ටන් විද්‍යාලය
*යශෝධරා විද්‍යාලය
*මියුසියස් විද්‍යාලය
*සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය
*කොළඹ කාන්තා විද්‍යාලය
*කොළඹ ජාත්‍යන්තර පාසල
*විචලි ජාත්‍යන්තර පාසල
එමෙන් ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය, පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය (කණිෂ්ඨ විද්‍යාලය ද ඇතුළුව) ,මිහිදු මහා විද්‍යාලය, අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10 අශෝක විද්‍යාලයට ද ලබන 3 වනදා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙසේ නිවාඩු ලබා දීම නිසා සිසුන්ට මඟ හැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙස ද සියලු පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.