නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

by Staff writer 25-01-2020 | 8:00 AM

COLOMBO (News 1st) - 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පෙළපාලිය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ අනුව හෙට ලබන 31, 02 , 03 සහ නිදහස් දිනයේදී එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති. එම දිනයන්හිදී උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව පොලීසිය දැනුම් දෙයි. පොලීසිය ප්‍රකාශ කළේ, තව ත් මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කරන බවයි.