by Staff writer 21-01-2020 | 3:55 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කෙරුණු සංවාද හේතුවෙන් වැඩතහනමට ලක් වූ විනිසුරු ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහායි.
විනිසුරුවරුන්ගෙන් මෙලෙස ප්රකාශ සටහන් කරගනු ලබන්නේ පසුගිය දා නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දුන් උපදෙස් අනුවයි.
ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු විනිසුරු පද්මිණී රණවක මහත්මිය ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියා ය.
පෙරේදා දිනයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද පැය 5 ක කාලයක් ප්රකාශ ලබා දුන්නේ ය.