විනිසුරු ගිහාන් පිලපිටියගෙන් CCDයට ප්‍රකාශයක්

විනිසුරු ගිහාන් පිලපිටියගෙන් CCDයට පැය 05 ක ප්‍රකාශයක්

by Chathuranga Rajapaksha 20-01-2020 | 12:36 PM
COLOMBO (News 1st): මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැය 05ක පමණ කාලයක් විනිසුරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව ය. නීතිපතිවරයාගේ නියෝගකට අනුව විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා සමග අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මේ අතර ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ හිටපු විනිසුරුවරියකවන පද්මිණි එම්. රණවක මහත්මියගෙන් සහ දැනට වැඩතහනමට ලක්ව සිටින විනිසුරු ධම්මික හේමපාල මහතාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත ය.