කාන්තාවන් දෙදෙනෙකු පැහැරගත් තිදෙනෙක් අත්අඩංගුවට

වලාන දූෂණ මර්දන අංශයේ යැයි පවසා කාන්තාවන් දෙදෙනෙකු පැහැරගත් තිදෙනෙක් අත්අඩංගුවට

by Hashini De Mel 13-01-2020 | 4:41 PM

COLOMBO (News 1st) - වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හබරණ, මිගස්වැව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් විසින් භාවිත කරන ලද පොලිස් ලාංඡනය සහිත නිල්පාට රෙදි තොප්පියක්, පොලිස් නාමය සහිත හැඳුනුම්පතක්, කළු පැහැති ජීප් රථයක් පොලිස් භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 39 සහ 56 වයස්වල පසුවන කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ බුත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් යැයි පවසා මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු වෙතොත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකයේ 038 223 43 14 යන දුරකතන අංකයෙන් විමසන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.