ශ්‍රී ලාංකික සිසුවියන්ගේ මිය යාම ගැන විමර්ශනයක්

අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මිය යාම පිළිබඳ විමර්ශනයක්

by Staff writer 11-01-2020 | 1:45 PM

COLOMBO (News 1st) - අසර්බයිජානයේ මහල් නිවසක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එළෙස මියගොස් ඇත්තේ, අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගැනුම ලැබූ අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකි. විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන ඇති අතර විදෙස් වාර්තා පැවසුවේ ඒ සම්බන්ධයෙන් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන කරන බවයි. ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1027415187615912/