දෛනික විදුලි ඉල්ලුම ඉහළ යයි

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, ඉල්ලීමක්

by Staff writer 10-01-2020 | 12:26 PM
COLOMBO (News 1st) : දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ වන විට දෛනික විදුලිබල පරිභෝජනය ගිගාවොට් පැය 44 දක්වා ඉහළ ගොස් ඇති බවයි. පවතින වැසි රහිත කාලගුණය ඊට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය. පවතින තත්ත්වය සමග විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.