පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි

පොරොන්දු ඉටු කිරීමට උපරිමයෙන් කැපවන බව ජනපති කියයි

by Staff writer 09-01-2020 | 5:19 PM
COLOMBO (News 1st) : ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ, අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බවයි. අද පෙරවරුවේ අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසී ය. වැරදි මාවතක ගිය රට නිවැරදි දිශාවට යොමු කිරීමේ පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපති එහිදී කෘතඥතාව පළ කළේ ය. තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමන් ධූරයට පත් කළා සේම සිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහය අපේක්ෂා කරන බවයි.