by Staff writer 09-01-2020 | 8:09 PM
COLOMBO (News 1st) : අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබිණ.
මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ නැවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කෙරුණේ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලිනි.
එය පුරහල, කොම්පඤ්ඤවීදිය ලේක්හවුස් මංසන්දිය, ලෝටස් වට රවුම හරහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියේ ය.
අනතුරුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යාම සඳහා විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට අවස්ථාව හිමි විය.
මේ අතර පා ගමනින් පැමිණි පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිට විරෝධතාවයේ නිරත විය.
මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේ රථ වාහන ගමනාගමනයට ද බාධා මතුවිය.
https://www.facebook.com/NewsfirstSL/videos/772321156604389/