පූජිත් මාර්තු 18 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නියෝග

විදුලි සෝපාන ක්‍රියාකරු බියගැන්වීම: පූජිත්ට එරෙහි CID විමර්ශන අවසන්

by Staff writer 08-01-2020 | 5:17 PM
COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන මාර්තු මස 18 වන දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය. ඒ 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්‍රියාකරු සාපරාධි බියගැන්වීමේ චෝදනාවට අදාළවයි. මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 01 වනදා අත්අඩංගුවට ගනු ලැබී ය.