by Staff writer 08-01-2020 | 3:05 PM
COLOMBO (News 1st) : නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයං පූර්ණ පිස්තෝලයක් සන්තකයේ තබා ගැනීමේ නඩුවෙන් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනො අද නිදොස් කොට නිදහස් කෙරිණ.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනී සිල්වා මහත්මිය එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
2010 අප්‍රේල් මස 2 වන දා සුසිල් කිඳෙල්පිටිය මහතා අත්අඩංගුවට ගැනුණේ සිය මෝටර් රථයේ නිත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංපූර්ණ පිස්තෝලයක් ළඟ තබා ගත් බවට වූ චෝදනා මතයි.
එකී නඩු භාණ්ඩය අධිකරණයට ඉදිරිපත් කිරිමේදී නඩු භාණ්ඩ දාමය නිසි ආකාරව සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම ඇතුළු ඌනතා පෙන්වා දෙමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ශානක රණසිංහ මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමට නියෝග කළා ය.