ජනපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 24-12-2019 | 9:26 AM

COLOMBO ( News 1st ) - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත තිබේ.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. අභාවප්‍රාප්ත වනවිට ප්‍රසන්න ජයවර්ධන මහතා 63 වන වියෙහි පසු විය. නීතීඥ සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඒ, මහතා පසුගිය රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ද වේ.