by Staff writer 19-12-2019 | 8:05 PM
COLOMBO ( News 1st ) - වැලි කැපීමට විරෝධය පළ කරමින් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ අද පැවැති විරෝධතාවක් උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණි.
මුන්දලම පොලිස් වසමට අයත් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ ජනතාව මුක්කුතොඩුවාව දේවස්ථානයට අද දහවල් මෙලෙස එක් වූයේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වැලි කැපීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමට ය.
ඔවුහු මුක්කුතොඩුවාව කතෝලික දේවස්ථානයේ සිට අදාළ වැපි කැපීම සිදුවන ස්ථානය දක්වා පාගමනින් පැමිණිය හ.
විරෝධතාකරුවන් අදාළ ස්ථානයට පැමිණෙනවාත් සමගම එහි නවතා තිබූ පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ටිපර් රථයක් එම ස්ථානයෙන් හදිසියේ පිටත්ව යාමට සුදානම් වී ඇත.