ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ගිනිඅවි සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 14-12-2019 | 4:20 PM
COLOMBO (News 1st) : කරදියනාරු පනිච්චේනි ප්‍රදේශයේදී ගිනි අවි සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුම්වලදීයි. ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවි තුනක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. සැකකරුවන් හා ගිනි අවි වැඩිදුර විමර්ශන සඳහා කරදියනාරු පොලිස්ථානය වෙත භාරදී තිබේ.