රාජ්‍ය අමාත්‍යාංශ 32 කට පත් කළ නව ලේකම්වරු...

රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කෙරේ

by Staff writer 09-12-2019 | 8:21 PM

COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යාංශ 32 ක් සඳහා ලේකම්වරු පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රධානය අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණු බවයි. මේ අනුව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.එච්.හරිස්චන්ද්‍ර මහතා. නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මහාචාර්යරංජිත් දිසානායක මහතා. වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්. සේනානායක මහතා පත්වීම් ලිපි භාර ගත්තේ ය. එම්.සී එල්.රුද්‍රිගෝ මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයායි. එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස සහ බී.කේ.එස්.රවීන්ද්‍ර මහතා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ලෙස අද පත්වීම් ලිපි භාර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. අද පත්වීම් ලබා ගනු ලැබූ සෙසු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය මෙසේ යි. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය