ජනපතිගෙන් විදෙස් රටවල්වලට විවෘත ඇරයුමක්

ජනපතිගෙන් විදෙස් රටවල්වලට විවෘත ඇරයුමක්

by Staff writer 05-12-2019 | 5:48 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා, විදෙස් රටවල්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ට්විටර් ගිණුම හරහා විවෘත ආරාධනයක් කළේ ය. ජනාධිපතිවරයා චීනය සහ ඉන්දියාව ඇතුළු ගෝලීය බලවතුන්ට ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබා අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්නැයි ඇරයුම්කර තිබේ. ජනාධිපතිවරයා ගෝලීය බලවතුන්ට මේ ඇරයුම කරමින් අවධාරණය කළේ, ස්වෛරී ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජන සඳහා එක්වන ලෙසයි.