සැබෑ ජනමතයට ගරු කළ යුතුයි - රන්ජන් රාමනායක

by Staff writer 02-12-2019 | 6:35 PM

COLOMBO (News 1st) - නව ආණ්ඩුවට අවංකවම සුබ පතන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදී රංජන් රාමනායක මහතා මෙම අදහස් පළ කළේය. මීට අමතරව සැබෑ ජනමතයට ගරු කරන අතරම මේ ආණ්ඩුවට උදව් කරමින් විවේචනය කළ යුතු දේ විවේචනය කරමින් විපක්ෂයක් ලෙස ඔවුන්ගේ යුතුකම් ඉටු කරන බවත් රන්ජන් රාමනායක මහතා පැවසීය.